ගාසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින පලස්තීන ජනතාවට ආහාර බෙදා දෙන ජාත්‍යන්තර සහනාධාර ආයතනයක සේවකයන් 7 දෙනකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් ඊශ්‍රායල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු සේවයන් පහ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය ආයතනයේ සේවකයන් ගමන් ගත් මෝටර් රථයට ප්‍රහාරය එල්ල වූයේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව වෙතින් බවට එම ආයතනයේ ප්‍රධානියා තහවුරු කර තිබූ අතර, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කරනු ලැබූ පරීක්ෂණයකින් පසුව එම නිලධාරීන් දෙදෙනා සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
ඊශ්‍රායලය එම පියවර ගැනීමට පෙර පසුගියදා දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක්ද පැවැත්විණි. එහිදී ඊශ්‍රායලය කනගාටුව ප්‍රකාශ කළද, එය ඝාතනයට ලක්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සැනසීමට ගත් උත්සාහයක් පමණක් බව ජාත්‍යන්තර සහනාධාර ආයතනය ප්‍රකාශ කර තිබිණි.
DMN