සෙනසුරාදා, 06 අප්‍රේල් 2024 08:36

ඊශ්‍රා­ය­ල­යට ආයුධ අලෙ­විය නතර කර­න්නැයි චර්චිල්ගේ මුණුුබුරා­ගෙන් ඉල්ලී­මක් Featured

බ්‍රිතාන්‍ය ජාති­ක­යන් තිදෙ­නකු ඇතු­ළුව සහන සේව­ක­යන් 7 දෙනකු ගාසා තීර­යේදී ඊශ්‍රා­යල ප්‍රහා­ර­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වීම හේතු­වෙන් ඊශ්‍රා­ය­ල­යට ආයුධ අලෙවි කිරීම නව­ත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ලය කළ ඉල්ලී­මට බ්‍රිතා­න්‍යයේ හිටපු අග­මැති වින්ස්ටන් චර්චිල්ගේ මුණුබුරා වන නික­ලස් සෝම්ස් සහාය පළ කර ඇතැයි ‘දි ගාඩි­යන්‘ පුවත් සේවය වාර්තා කළේය.

රිෂී සුනාක්ගේ කොන්ස­ර්වේ­ටිව් පක්ෂයේ සාමා­ජි­ක­යකු ද වන සෝම්ස් වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත්තේ පල­ස්තී­නු­වන්ට එරෙ­හිව ඊශ්‍රා­ය­ලය ගාසා තීරයේ සිදු කරන ක්‍රියා­මාර්ග සම්බ­න්ධව එම ප්‍රහා­රය මඟින් බර­ප­තළ පණි­වු­ඩ­යක් ලබා දී ඇති බවය. වින්ස්ටන් චර්චිල්ගේ මුණුබුරා මේ ප්‍රකා­ශය සිදු කරනු ලැබුවේ ඊශ්‍රා­ය­ල­යට ආයුධ අලෙවි කිරී­මෙන් බ්‍රිතාන්‍ය රජය ජාත්‍ය­න්තර නීතිය උල්ලං­ඝ­නය කරන බවට එරට හිටපු ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් තිදෙ­නකු ඇතුළු ජ්‍යෙෂ්ඨ නීති­ඥ­යන් සිය­ය­කට වැඩි පිරි­සක් රිෂී සුනාක්ට ලිඛි­තව චෝදනා කිරී­මෙන් පසු­වය. පසු­ගි­යදා බ්‍රිතාන්‍ය රජ­යට ඉදි­රි­පත් කර ඇති එම ලිපිය පිටු 17කින් සම­න්විත බව ද වාර්තා වේ.

කොන්ස­ර්වේ­ටිව් පක්ෂයේ තවත් මන්ත්‍රී­වරු කිහි­ප­දෙ­නකු ද චර්චිල්ගේ මුණුබුරාගේ අද­හ­සට එක­ඟ­තාව පළ කර ඇතැයි ‘දි ගාඩි­යන්‘ පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website