සිකුරාදා, 24 පෙබරවාරි 2023 17:13

රුසියානු - යුක්‍රේන යුද්ධය ආරම්භ වී අදට වසරක් Featured

රුසියානු - යුක්‍රේන යුද්ධය ආරම්භ වී අදට වසරක් සපිරෙයි.

ඒත් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීම තරයේ හෙළා දැක ඇති බව සඳහන් ය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී යුක්‍රේනයෙන් රුසියානු හමුදා ඉවත් කර සටන් නතර කරන ලෙස යෝජනා වී තිබේ.

මෙම යෝජනාවට රටවල් 141ක සහය ලැබී ඇති අතර රටවල් 32ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බව සඳහන් වේ.

චීනය, ඉන්දියාව, ඉරානය සහ දකුණු අප්‍රිකාව යන රටවල් ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර වේ.

රුසියාව ඇතුළු රටවල් 7ක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම යුරෝපීය ආක්‍රමණය මෙය වන අතර 2022 පෙබරවාරි 24 වන දින යුද්ධය ආරම්භ විය.

ජනාධිපති ව්ලැදීමීර් පුටින් යද්ධය ආරම්භ කරමින් පළමුවෙන්ම යුක්‍රේනයට යැවු සොල්දාදුවන් සංඛ්‍යාව ලක්ෂ 2 කි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අවම වශයෙන් සිවිල් වැසියන් 7,199 කු පමණ මේ වන විට යුද්ධෙන් මිය ගොස් තවත් දහස් ගණනක් තුවාල ලබා ඇති බවයි.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website