සදුදා, 08 අප්‍රේල් 2024 11:52

නිව්යෝක් නුවර භූ කම්පනයෙන් ලිබර්ටි ප්‍රතිමාවත් සෙලවෙයි Featured

අමෙරිකාවේ නිව්යෝක් නුවර නැ‍ෙඟනහිර වෙරළ තීරය ආශ්‍රිතව පසුගියදා සිදු වූ රිච්ටර් මාපකයේ 4.8ක අගයක් සටහන් කළ භූ කම්පනයෙන් ලෝක ප්‍රකට ලිබර්ටි ප්‍රතිමාව ද සෙලවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සෙලවීම සහ නිව්යෝක් නුවර භූ කම්පනය ලිබර්ටි ප්‍රතිමාවේ සවි කර ඇති සීසීටීවී කැමරාවල සටහන්ව තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

නිව්යෝක් නුවර භූ කම්පන ඉතා විරල සිදුවීමක් බවත්, නගරවැසියන්ට එහි කම්පනය නව අත්දැකීමක් වූ බවත් එරට මාධ්‍ය සඳහන් කළේය. නිව්යෝක් ආණ්ඩුකාරවරිය කැතී හෝචුල් සඳහන් කර ඇත්තේ එය අවසන් සියවසේදී නැඟෙනහිර වෙරළ තීරයේ සිදු වූ විශාලතම භූ කම්පනවලින් එකක් බවය. කෙසේ වුවද භූ කම්පනයෙන් පුද්ගල හෝ දේපළ හානි කිසිවක් වාර්තා නොවූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website