අඟහරුවාදා, 09 අප්‍රේල් 2024 12:32

දකුණු ගාසා තීර­යෙන් ඊශ්‍රා­යල හමු­දාව ඉවත් වෙයි Featured

දකුණු ගාසා තීරයේ මෙහෙ­යු­ම්වල නිර­තව සිටින යුද හමු­දාව අවම කරන බව ඊශ්‍රා­ය­ලය ප්‍රකාශ කළ බව ද, එම නිවේ­ද­න­යත් සමඟ අව­තැන් වී සිටි පල­ස්තීන ජන­තාව නැවත එම පළාතේ පිහිටි ඛාන් යූනිස් නුවර බලා පැමි­ණෙ­මින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනා­ගත යුද සැල­සුම් සඳහා සූදා­නම් වීමට දකුණු ගාසා තීර­යෙන් සිය හමු­දාව ඉවත් කර­මින් සිටින බවට ඊශ්‍රා­යල ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කළ ද, ඊශ්‍රා­ය­ලය එවැනි පිය­ව­රක් ගෙන ඇත්තේ ජාත්‍ය­න්තර බල­පෑම් වර්ධ­නය වීම හේතු­වෙන් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඛාන් යූනුස් නුවර මාස ගණනාවක් පුරා ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලට ලක්වී විනා­ශ­යට පත් වූ නග­ර­යක් වන අතර, මේ වන විට එහි ඉති­රිව ඇත්තේ ගොඩ­නැඟිලි හා නිවාස සුන්බුන් පම­ණක් බවත් වාර්තා වේ.

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website