අඟහරුවාදා, 09 අප්‍රේල් 2024 12:38

මොසැ­ම්බික් මුහුදේ බෝට්ටු­වක් ගිලී 96ක් මරුට Featured

තවත් 26ක් අතු­රු­දන්

නීති­වි­රෝධී අයු­රින් මගීන් 130 දෙනකු රැගෙන යමින් තිබූ ධීවර යාත්‍රා­වක් මොසැ­ම්බික් රාජ්‍යයේ උතුරු මුහුදේ ගිලී­යෑ­මෙන් පුද්ග­ල­යන් 96 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ධීවර කට­යුතු සඳහා භාවිත කරනු ලබන එම යාත්‍රා­වට මගීන් රැගෙන යෑමට කිසිදු බල­ප­ත්‍ර­යක් නැති බවත්, අන­තු­රට ලක් වන විට යාත්‍රාවේ ප්‍රමා­ණ­යට වඩා මගීන් සිටි බවත් මොසැ­ම්බික් මුහුදු ප්‍රවා­හන ආය­ත­නය නිවේ­ද­න­යක් මඟින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. මියගිය අය අතර කුඩා දරු­වන් විශාල පිරි­සක් සිටි බව ද වාර්තා වේ. අන­තු­රින් තවත් පුද්ග­ල­යන් 26 දෙනකු අතු­රු­දන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

මොසැ­ම්බික් රාජ්‍යයේ නම්පූලා ප්‍රාන්තයේ ලුන්ගා ප්‍රදේ­ශයේ සිට මොසැ­ම්බික් දූපත දක්වා එම මගීන් රැගෙන යමින් තිබුණු බවත්, ඔවුන් මේ වන විට එරට ව්‍යාප්ත වෙමින් පව­තින කොලරා වසං­ග­ත­යට බියෙන් පලා යමින් සිටි පිරි­සක් බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. යාත්‍රාව අන­තු­රට ලක් වීමෙන් පසු ආපදා කළ­ම­නා­ක­රණ කණ්ඩා­යම් විසින් පුද්ග­ල­යන් පස්දෙ­නකු බේරා ගෙන ඇතැයි ද වාර්තා වේ.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website