සිකුරාදා, 12 අප්‍රේල් 2024 09:34

ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හමාස් නායකයාගේ පුත්තු තිදෙනෙක් මරුට – මුනුපුරෝ තිදෙනාත් මිය යති Featured

ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියාගේ පුතුන් තිදෙනකු සහ මුනුපුරන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැනට කටාර් රාජ්‍යයේ පදිංචිව සිටින හමාස් නායකයා මේ බව තහවුරු කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය. හමාස් නායකයාගේ පවුලේ සාමාජිකයන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ඊදුල් ෆිත්ර් රමලාන් උත්සව දිනය යෙදී තිබූ පෙරේදා ගාසා තීරයේ සරණාගත කඳවුරක සිටින සිය ඥාතීන් මුණ ගැසීමට මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය.

මෙය තම පවුලේ සාමාජිකයන් ඉලක්ක කරමින් සිදු කළ පළමු ප්‍රහාරය නොවන බවත්, මීට පෙර පසුගිය නොවැම්බරයේදී ගාසා තීරයේ පිහිටි තම නිවෙසට ඊශ්‍රායල යුද ගුවන් යානා මගින් ප්‍රහාරයක් එල්ල වූ බවත් ඉස්මායිල් හනියා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ. එසේ වුවද ඉන් ඊශ්‍රායලය සමඟ සිදු කරන සටන් විරාම සාකච්ඡා සඳහා බලපෑම් එල්ල නොවනු ඇතැයි ද හමාස් නායකයා ප්‍රකාශ කර තිබේ.

 DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website