සිකුරාදා, 12 අප්‍රේල් 2024 09:38

පාකිස්තාන දේශසීමාව අසල ත්‍රස්ත ප්‍රහාරයකින් ඉරාන ආරක්ෂක නිලධාරීහු 5ක් මරුට Featured

දකුණුදිග ඉරානයේ පාකිස්තාන දේශසීමාව අසළ පිහිටි සිස්ටාන් බලුකිස්තාන ප්‍රාන්තයේදී සටන්කාමී කණ්ඩායමක් විසින් සිදු කළ ප්‍රහාර දෙකකින් ඉරාන ආරක්ෂක නිලධාරීන් පස්දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරානයේ දෙවැනි විශාලතම ප්‍රාන්තය ලෙස සැලකෙන සිස්ටාන් බලුකිස්තාන ප්‍රාන්තයේ රාස්ක් සහ චබහාර් දේශසීමා මුරපොළ ඉලක්ක කරමින් එම ප්‍රහාර සිදු වී ඇති අතර, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ සහ ඉරාන පොලිසියේ නිලධාරින් පස්දෙනකු මිය ගිය අය අතර සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ඇත්තේ රාත්‍රී කාලයේදි බවත්, ප්‍රහාරයෙන් තවත් නිලධාරින් 10කට අධික පිරිසක් තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම ප්‍රහාර ද්විත්වයේ වගකීම ජයිෂ් අල් ආද්ල් නමැති සටන්කාමී කණ්ඩායමක් විසින් භාරගනු ලැබූ බව ද වාර්තා වේ.

එම කණ්ඩායම පාකිස්තාන දේශ සීමාවේ සිට ක්‍රියාත්මක වන කණ්ඩායමක් වන අතර, ඉරාන මුරපොළට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ පාකිස්තාන රජය සිය කනගාටුව ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ. ජයිෂ් අල් ආද්ල් කණ්ඩායම මෑත කාලයේ පාකිස්තාන දේශසීමාවේ සිට ඉරාන දේශසීමා ආරක්ෂක නිලධාරීන්ට වරින් වර ප්‍රහාර එල්ල කර ඇති අතර, පසුගිය දෙසැම්බරයේදී එල්ල කළ ප්‍රහාරයකින් රාස්ක් දේශසීමාවේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි ඉරාන පොලිස් නිලධාරීන් 11 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website