බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2024 11:04

යුක්රේන යුද බිමේදී රුසියානු සෙබළුන් පනස්දහසක් මිය ගිහින් – බීබීසී වාර්තාවකින් කියයි Featured

රුසියානු හමුදා සෙබළුන් පනස්දහසකට වැඩි ප්‍රමාණයක් යුක්රේන යුද ගැටුම්වලින් ජීවිතක්ෂයට පත් වී ඇතැයි බීබීසී පුවත් සේවය තහවුරු කර තිබේ.

යුද්ධය ආරම්භ වීමෙන් පසු දෙවැනි වසරේදී යුද පෙරමුණේදී මිය ගිය රුසියානු සෙබළුන්ගේ සංඛ්‍යාව පළමු වසරට වඩා 25% කින් ඉහළ ගොස් ඇතැයි ද බීබීසී පුවත් සේවය වාර්තා කළේය. බීබීසී රුසියානු මාධ්‍ය කණ්ඩායම සහ ස්වේච්ඡා කණ්ඩායමක් වසර 2022 පෙබරවාරියේ සිට යුක්රේන යුද ගැටුමේදී මිය යන රුසියානු සෙබළුන්ගේ සංඛ්‍යාව ගණනය කිරීමට කටයුතු කළ බවත්, යුද්ධය ආරම්භ වීමෙන් පසු දෙවැනි වසරේදී පමණක් රුසියානු සෙබළුන් 27,300ක් ජීවිතක්ෂයට පත්වූ බවත් බීබීසී පුවත් සේවය සඳහන් කළේය. ඒ අනුව යුක්රේන යුද බිමේදී මියගිය රුසියානු සෙබළුන්ගේ සංඛ්‍යාව පනස්දහස ඉක්මවන බවත්, එය මොස්කව් නුවර නිල වාර්තාවට වඩා අට ගුණයක වැඩි වීමක් බවත් බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. එහෙත් එම වාර්තාව සම්බන්ධව රුසියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි ද වාර්තා වේ.

යුද ගැටුම්වලින් යුක්රේන හමුදා සෙබළුන් 31,000ක් මිය ගිය බවට පසුගිය පෙබරවාරියේදී යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇති අතර, අමෙරිකානු බුද්ධි සේවා තක්සේරුවට අනුව එම සංඛ්‍යාව ඊට වැඩි බව ද වාර්තා වේ.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website