බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2024 11:01

ගල්ෆ් කලාපයට දැඩි ගංවතුරක් ඩුබායි ගුවන්තොටුපොළත් යට වෙයි Featured

දින කිහිපයක් පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මැදපෙරදිග ගල්ෆ් කලාපයේ රටවල් රැසකට ගංවතුර තත්ත්වයක් බලපෑ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලොව දෙවැනි කාර්ය බහුල ගුවන්තොටුපොළ ලෙස ප්‍රචලිත ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද ගංවතුරට යටවීම හේතුවෙන් ගුවන් ගමන් වාර විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදු වී ඇතැයි ද වාර්තා වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබායි, අබුඩාබි, සාජා ඇතුළු නගර ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර මෝටර් රථයක් ගංවතුරට හසු වීම හේතුවෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද වාර්තා වේ. ඒ සමඟම ගල්ෆ් කලාපයේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ වන විට ඕමානයේ ගංවතුරට හසු වී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 19ක් බව වාර්තා වේ.

පාසල්, සාප්පු සංකීර්ණ, ගොඩනැඟිලි, මෝටර් රථ සහ මහල් නිවාස රැසක් ජලයෙන් යට වී ඇති අතර, මෑත කාලයේ ගල්ෆ් කලාපයට ඇද හැලුණු විශාලතම වර්ෂාපතනය මෙය බව වැඩිදුරටත් වාර්තා වේ.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website