අඟහරුවාදා, 23 අප්‍රේල් 2024 12:28

මැලේසියාවේ ගුවන් අනතුරකින් 10 මරුට Featured

මැලේසියාවේ නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැලේසියානු නාවික හමුදාව තහවුරු කළේ HOM (M503-3) සහ Fennec (M502-6) මාදිලියේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරට ලක්ව ඇති බවයි.

මැලේසියානු ගුවන් හමුදාවේ 90 වැනි සංවත්සරයට අදාළ ගුවන් පුහුණු වීම් සිදු කරන අතරතුර මෙම අනතුර සිදු තිබෙයි

මෙම සිද්ධිය සිදුව ඇත්තේ නාවික හමුදා කඳවුරක් පිහිටි මැලේසියාවේ Lumut නගරයේ ය.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website