අඟහරුවාදා, 23 අප්‍රේල් 2024 12:38

ඊශ්‍රායල බුද්ධි අංශ ප්‍රධානියා ධුරයෙන් ඉල්ලා අස්වෙයි Featured

ඊශ්‍රායල බුද්ධි අංශයේ ප්‍රධානියා වන මේජර් ජෙනරාල් අහරොන් හලිවා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ හමාස් සංවිධානය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ප්‍රහාරයක් එල්ල කරමින් ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් පැහැරගෙන යෑමේ සිදුවීමේදී ඊශ්‍රායලයේ ආරක්ෂාව බිඳ වැටීම සම්බන්ධව වගකීම බාර ගනිමින් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සිය තනතුරට වෙනත් නිලධාරියකු තෝරා ගැනීමෙන් පසු විශ්‍රාම ගන්නා බව බුද්ධි අංශ ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරය මුල් කරමින් තනතුරෙන් ඉවත් වන පළමු පුද්ගලයා ඔහු බව ද වාර්තා වේ.
සිය ගණනාවක හමාස් සාමාජිකයන් ගාසා තීරයේ දේශසීමාව හරහා කඩා පැන ඊශ්‍රායල ජාතිකයන් සියයකට අධික පිරිසක් ඝාතනය කිරීමෙන් පසු එරට සහ විදේශීය ජාතිකයන් සියයකට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගත් අතර, ඊශ්‍රායල හමුදාවට සහ බුද්ධි අංශ නිලධාරීන්ට එම ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවීම් ගණනාවක් ඊට පෙර ලැබී තිබූ බව පසුව තහවුරු විය.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website