සිකුරාදා, 26 අප්‍රේල් 2024 11:03

අන්තවාදී අදහස් ඇති බාලවයස්කරුවන් 7ක් සිඩ්නි නුවරදී අත්අඩංගුවට Featured

ඔස්ට්‍රේලියාවේ පොලිසිය විසින් මහ පරිමාණයෙන් සිදු කරනු ලැබූ ප්‍රති ත්‍රස්ත වැටලීමකදී බාලවයස්කරුවන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පොලිස් නිලධාරීන් 400ක් සහභාගි වූ එම වැටලීම පසුගියදා සිඩ්නි නුවර ආවරණය වන පරිදි සිදුකර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන් අවුරුදු 15-17 වයස් කාණ්ඩයේ පසුවන්නන් බවත්, ඔවුන් අන්තවාදී අදහස් මඟින් ආගමික උත්තේජනයක් ලබා සිටි පුද්ගලයන් බවට විශ්වාස කරන බවත් පොලිසිය සඳහන් කර ඇත.

එම වැටලීම සිදු කර ඇත්තේ ත්‍රස්ත ක්‍රියාවක් බවට සිඩ්නි පොලිසිය නිවේදනය කළ සිඩ්නි නුවර කතෝලික දේවස්ථානයකදී බිෂොප්වරයකුට පිහි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමට අදාළව වන අතර, තවත් එවැනිම ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම මත වැටලීම සිදු කළ බවට වාර්තා වේ.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website