සදුදා, 29 අප්‍රේල් 2024 10:24

චීනය සහ ඇමරිකාව අතර එකඟතා 05ක් Featured

චීන- ඇමරිකානු දෙපාර්ශ්වය එකඟතා 5 කට එළඹෙයි. ඒ, චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා අතර 26 වැනිදා බෙයිජිං අගනුවර පැවති සාකච්ඡාවේ දී ය.

ද්විපාර්ශ්වික සම්බන්ධතාව ස්ථාවර අයුරින් වර්ධනය කිරීම සහ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දී නායක දෙපළ එළඹුණු වැදගත් එකඟතා කඩිනමින් ක්‍රියාවට නැංවීම මෙහිලා ප්‍රමුඛ වේ. රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික, මූල්‍ය සේවා, වාණිජ හා හමුදා යන ක්ෂේත්‍ර ඇතුළු උසස් පෙළේ හුවමාරු නිසි ලෙස පවත්වා ගැනීම සහ මත්ද්‍රව්‍ය තහනම, දේශගුණ විපර්යාසයට මුහුණ දීම හා කෘත්‍රිම බුද්ධි තාක්ෂණික සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

මේ යටතේ, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳ චීන-ඇමරිකානු අන්තර් රාජ්‍ය සංවාදයේ පළමු රැස්වීම පැවැත්වීමට ද නියමිත ය. එමෙන්ම ආසියා ශාන්තිකර කලාපයේ කටයුතු පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡාව ද පැවැත්වීමට දෙරට පියවර ගනු ඇත. මානව හා සංස්කෘතික හුවමාරු සහතික කරමින් සිසුන්ට අධ්‍යයන අවස්ථා ද පුළුල් කෙරේ.

මීට අමතරව, ජාත්‍යන්තර තලයේ උණුසුම් ගැටළු සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා සහ සම්බන්ධීකරණ අඛණ්ඩව පවත්වා ගැනීමට ද එකඟතාව පළ වී ඇත.

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website