සදුදා, 29 අප්‍රේල් 2024 10:27

රිතාන්‍ය තෙල් නැවකට රතු මුහුදේදී හවුති ප්‍රහාරයක් අමෙරිකානු ඩ්‍රෝනයකුත් බිම දමති Featured

යේමනයේ හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේදී බ්‍රිතාන්‍යයට අයත් තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අතරතුරදීම අමෙරිකාවට අයත් ඩ්‍රෝනයක් ද පහරදී විනාශ කර ඇතැයි වාර්තා වේ. ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන යුද්ධයට එරෙහිව ඉදිරියේදී තවදුරටත් රතු මුහුද ඔස්සේ ඊශ්‍රායලයට ගමන් ගන්නා ඕනෑම නෞකාවකට පහර දෙන බවට ද හවුති කැරලිකරුවන් යළි තර්ජනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉරානයේ සහාය ලැබෙන බව කියන හවුති කැරලිකරුවන්ගේ ප්‍රකාශක යහ්යා සරී පසුගියදා වීඩියෝ පටයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඇන්ඩ්‍රොමෙඩා ස්ටාර් නමැති එම තෙල් නෞකාව ඉලක්ක කරමින් සෘජු මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවය. රතු මුහුදේදී හවුති කැරලිකරුවන් තෙල් නෞකාවට බැලැස්ටික් මිසයිල 3ක් එල්ල කළ බව අමෙරිකානු හමුදාව තහවුරු කර ඇති අතර, මේ ප්‍රහාරයෙන් නෞකාවට සුළු හානි සිදුවී ඇතැයි ද වාර්තා වේ.

මීට අමතරව යේමනයේ පිහිටි සිය ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් අමෙරිකානු හමුදාවට අයත් ඩ්‍රෝනයක් ද පහර දී බිම හෙළූ බව හවුති ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website