එතෙක් මෙතෙක් ලොව විශාලතම ගුවන්තොටුපොළ පර්යන්තය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී ඉදිකරන බව එරට උපජනාධිපති සහ ඩුබායි පරිපාලකයා වන ශේක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා ගංවතුරට යට වූ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට දකුණු දෙසින් ඉදි කිරීමට අපේක්ෂිත එම ගුවන් පර්යන්තය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 34.85ක් වැය වන බව ද වාර්තා වේ. ඒ සඳහා වන සැලසුම මේ වන විට අනුමත කර ඇතැයි ද වාර්තා වේ.
මේ වන විට ලොව වඩාත්ම කාර්යබහුල ගුවන්තොටුපොළ ලෙස සැලකෙන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නව පර්යන්තය ඉදිකිරීමෙන් පසු ලොව විශාලතම ගුවන්තොටුපොළ බවට පත්වනු ඇතැයි ද, එය ඩුබායි ගුවන්තොටුපොළට වඩා පස්ගුණයකින් විශාල පර්යන්තයක් වනු ඇතැයි ද එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් ඩුබායි පරිපාලක ශේක් අල් මක්තුම් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 260කට වැඩි ප්‍රමාණයකට පහසුකම් සැලසිය හැකි නව පර්යන්තය වර්ග කිලෝමීටර් 70ක වපසරියකින් සහ ගුවන්යානා ධාවන පථ 5කින් සමන්විත වනු ඇතැයි ද, ගුවන්යානා ප්‍රවේශ දොරටු ( terminal gates) 400කින් සමන්විත වනු ඇතැයි ද ශේක් අල් මක්තුම් වැඩිදුරටත් නිවේදනය කර තිබේ.
DMN