බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස් ඇත්තේ ඒ අතරින් බව ද වාර්තා වේ.
පලා ගිය සිරකරුවන්ගෙන් 10 දෙනකු නැවත අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වී ඇතැයි ද, සෙසු සිරකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
බන්ධනාගාර ගොඩනැඟිලි ඉතා පැරැණි බවත්, එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබූ බවත් සුලේජා ප්‍රාන්තයේ පිහිටි එම බන්ධනාගාරයේ ප්‍රධානින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකි සෑම පියවරක්ම ගෙන ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.
DMN