බ්‍රහස්පතින්දා, 02 මැයි 2024 10:40

ඊශ්‍රායල හිතවාදීහු පලස්තීන හිතවාදී ශිෂ්‍ය විරෝධතාවට පහර දෙති‍ Featured

- කූඩාරම් කඩා විරෝධතාව විසුරුවා හැරීමේ උත්සාහයක

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර කැලිෆෝනියා විශ්වවිද්‍යාල භූමියේ කඳවුරු බැඳ ඊශ්‍රායලයට එරෙහිව විරෝධතාවක නිරතව සිටි සරසවි සිසුසිසුවියන්ට ඊශ්‍රායල හිතවාදී කණ්ඩායමකින් දැඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා රාත්‍රියේදී මුරකපොලු බිඳ දමමින් සරසවි භූමියට ඇතුළු වී ඇති මුහුණු ආවරණය කරගත් සිය ගණනාවක ඊශ්‍රායල හිතවාදීන් විරෝධතාවේ නිරත වූ සරසවි සිසුසිසුවියන්ගේ කූඩාරම් කඩා බිඳ දමා ඔවුන්ට පහර දී ඇතැයි වාර්තා වේ.

රතිඤ්ඤා දල්වා කූඩාරම් තුළට වීසි කරමින් ඔවුන් පලවා හැරීමට උත්සාහ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. දෙපාර්ශ්වය අතර පැයකට අධික කාලයක් ගැටුම් පැවැති බවත්, පොලිසිය එම ස්ථානයට පැමිණ ඇත්තේ ඉන් පසුව බවත් වැඩිදුරටත් වාර්තා වේ. සාමකාමීව පැවැති විරෝධතාවට පහර දීමට ඊශ්‍රායල හිතවාදීන්ට ඉඩ දුන් බවට සරසවි සිසුසිසුවියන් පොලිසියට චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.

ghgjyuiu

hghghgh

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website