පලස්තීනය නිදහස් කරන්නැයි උද්ඝෝෂණය කරමින් සිසුසිසුවියෝ සෝබෝන් සරසවි භූමියේ කූඩාරම් ගසා සිය විරෝධතා සිදු කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ලොව පැරැණිතම විශ්වවිද්‍යාලයක් වන සෝබෝන්හි සිසු විරෝධතා සාමකාමීව පැවැති බවත්, ඊශ්‍රායල ප්‍රහාර හෙළා දැකීමට එම විරෝධතාව පැවත් වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
මේ අතර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසල විරෝධතාවේ නිරත වු සිසු සිසුවියන් 50 දෙනකු පමණ මහ මාර්ගයට පිවිසිම වැළැක්වීම සඳහා පොලිසිය කැඳවා තිබූ බව ද වාර්තා වේ. සිසු විරෝධතාවට සහාය පළ කරමින් ප්‍රංශයේ දේශපාලනඥයන් කිහිපදෙනකු ද එම විරෝධතාවට සහභාගි වී සිටි බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
DMN