සිකුරාදා, 03 මැයි 2024 10:00

ජපානයේ කන්සායි ගුවන්තොටුපොළ වාර්තා පොතට Featured

ජපානයේ ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ එතෙක් මෙතෙක් කිසිදු ගමන් මලු නැති වීමක් සම්බන්ධව පැමිණිලි නොලැබූ ලොව එකම ගුවන්තොටුපොළ බවට ගුවන් තොටුපොළ වර්ගීකරණ සිදු කරනු ලබන බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් ස්කයිට්‍රැක්ස් ආයතනයේ වාර්තාවකින් සඳහන් වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම ගුවන්තොටුපොළ මෙහෙයුම් ආරම්භ කළ 1994 වසරේ සිට මේ දක්වා එවැනි පැමිණිලි කිසිවක් ලැබි නැති බවය. වාර්ෂිකව මිලියන 20-30 ක මගීන් සංඛ්‍යාවක් හුවමාරු වන කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධ මේ වාර්තාව ස්කයිට්‍රැක්ස් ආයතනය විසින් නිකුත් කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේදීය. ලොව ගුවන්තොටුපොළ අතර ගමන්මලු සම්බන්ධව වැඩිම පැමිණිලි වාර්තා වී ඇත්තේ අමෙරිකාවේ චිකාගෝ ගුවන්තොටුපොළෙන් බව ද වාර්තා වේ.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website