සෙනසුරාදා, 04 මැයි 2024 10:07

පස් සාම්පල කිලෝ 2ක් රැගෙන ඒමට චීන­යෙන් සඳට රොක­ට්ටු­වක් යවලා Featured

ලොව පළමුවරට සඳෙහි අඳුරු කලා­පය ගවේ­ෂ­ණය කිරීමේ මෙහෙ­යු­මක්

සඳෙහි මෙතෙක් ගවේ­ෂ­ණය නොකළ අඳුරු ප්‍රදේ­ශ­යෙන් පස් සාම්පල කිලෝ­ග්‍රෑම් 2ක් රැගෙන ඒම සඳහා චීනය සඳ වෙත රොක­ට්ටු­වක් සාර්ථ­කව දියත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීන වේලා­වෙන් ඊයේ පස්වරු 5.27ට වෙන්චෑං නුවර අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­නයේ සිට දියත් කරනු ලැබු චැංග් ඊ- 6 නමැති මේ රොක­ට්ටුව සඳ මත දින 53ක මෙහෙ­යු­මක් සිදු කිරී­මට නිය­මිත බවත්, සඳෙහි අඳුරු කලා­ප­යෙන් පස් සාම්පල ගැනීමේ මෙහෙ­යු­මක් සිදු­ වන්නේ ලොව පළ­මු­ව­රට බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ලොව පුරා විවිධ රට­ව­ලින් මෙතෙක් සිදු කර ඇති චන්ද්‍ර ගවේ­ෂණ තුළින් සඳෙහි එක් කලා­ප­යක තොර­තුරු දැන ගැනී­මට අව­ස්ථාව ලැබුණ ද, එහි අනෙක් පස අඳුරු කලා­පය ගවේ­ෂ­ණය කිරී­මෙන් වැද­ගත් තොර­තුරු සහ වෙන­ස්කම් රැසක් පිළි­බඳ අව­බෝධ කර­ගැ­නී­මට මේ චන්ද්‍ර මෙහෙ­යුම ඉව­හල් වනු ඇතැයි ද වාර්තා වේ.

චීන අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­නයේ විද්‍යා­ඥ­යන් සඳ­හන් කරන්නේ සිය චන්ද්‍ර මෙහෙ­යුම සාර්ථ­කව දියත් කළ චීනයේ ජන­ප්‍ර­වා­ද­යට අනුව වඩාත් ජන­ප්‍රිය දෙව­ඟන වන චන්ද්‍ර දෙව­ඟන ලෙස බවය. එම මෙහෙ­යුම එසේ නම් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website