සෙනසුරාදා, 04 මැයි 2024 10:08

රට­වල් 23ක ජල සුර­ක්ෂි­ත­භා­වය පහළ මට්ට­මක Featured

එ.ජා.ගෝලීය ජල සුර­ක්ෂිතතා වාර්තා­ව­කින් හෙළි වෙයි

පාකි­ස්තා­නය, ඇෆ්ග­නි­ස්තා­නය ඇතුළු රට­වල් 23ක් පානීය ජල සුර­ක්ෂි­ත­භා­වය අතින් පහළ මට්ට­මක සිටින බව එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ගෝලීය ජල සුර­ක්ෂිතා වාර්තා­ව­කින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. වසර 2023 ගෝලීය ජල සුර­ක්ෂිතතා තක්සේ­රු­වක් ලෙස නිකුත් කර ඇති එම වාර්තා­වට අනුව පාකි­ස්තා­නයේ ඒක පුද්ගල ජල ධාරි­තාව පසු­ගිය වසර 70 ඇතු­ළත 80%කින් පහත වැටී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

ලබන වසර වන විට පාකි­ස්තා­නය උග්‍ර ජල හිඟ­ය­කට ළඟා විය හැකි බවට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ද මෑත­කදී අන­තුරු ඇඟ­වී­මක් සිදු කර ඇති අතර, එරට ශීඝ්‍ර­යෙන් වර්ධ­නය වන ජන­ග­හ­නය ඊට ප්‍රධා­න­තම සාධ­කය බව ද අනා­ව­ර­ණය වී තිබේ.ලොව පුද්ග­ල­යන් 4 දෙන­කු­ගෙන් තිදෙ­න­කුම ජල අනා­ර­ක්ෂිත කලා­පයේ ජීව­ත්වන බවත්, පානීය ජල හිඟය, සනී­පා­ර­ක්ෂක ගැටලු හේතු­වෙන් වාර්ෂි­කව පුද්ග­ල­යන් විශාල ප්‍රමා­ණ­යක් ජීවි­ත­ක්ෂ­යට පත්වන බවත් එම වාර්තාවේ සඳ­හන් වේ. එම වාර්තා­වට අනුව ලොව රට­වල් අතරින් ජල සුර­ක්ෂි­තතාව අතින් ඉහ­ළම මට්ට­මක සිටින රට ස්වීඩ­නය බවත්, තවත් රට­වල් 32ක් එම වර්ගී­ක­ර­ණ­යට ඇතු­ළත් වන බවත් වාර්තා වේ.

 DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website