සෙනසුරාදා, 11 මැයි 2024 11:34

නැඟෙ­න­හිර තායි­වා­නයේ 5.8ක භූ කම්ප­න­යක් Featured

තායි­වා­නයේ නැඟෙ­න­හිර තායි­වා­නයේ මුහු­දු­බඩ ආශ්‍රිත පළා­තක ඊයේ රිච්ටර් මාප­කයේ 5.8ක අග­ය­කින් යුතු භූ කම්ප­න­යක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම භූ කම්ප­න­යෙන් තායිපේ අග­නු­වර ගොඩ­නැ­ඟිලි ද සුළු දෙද­රී­ම­කට ලක්වූ බව වැඩි­දු­ර­ටත් වාර්තා වේ. භූ කම්ප­න­යෙන් සිදුවූ පුද්ගල හානි හෝ දේපළ හානි පිළි­බඳ තොර­තුරු වාර්තා නොවූ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. පසු­ගිය අප්‍රේල් මාසයේ හූලිං පළාතේ සිදු වූ රිච්ටර් මාප­කයේ 7.2ක අග­ය­කින් යුතු භූ කම්ප­න­යෙන් පසු මේ දක්වා එරට අතුරු කම්පන 1,400ක් පමණ සිදුවී ඇතැයි ද වාර්තා වේ.

DMN

 

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website