ඉරාන හමුදාවේ පහර දීමට ලක්වූ බව එරටින් පිටුවහල් කරනු ලැබූ ඇෆ්ගනිස්තාන සංක්රමණිකයන් ප්‍රකාශ කර ඇති අතර, පාකිස්තානයේ නීති විරෝධී සංක්රමණිකයන් සමඟ එහි ලියාපදිංචිව සිටි සංක්රමණිකයන් ද ඇෆ්ගනිස්තානයට පිටුවහල් කිරීමට පාකිස්තාන රජය කටයුතු කර ඇතැයි ටොලෝ පුවත් සේවය සඳහන් කළේය.
පසුගිය 1 වැනිදා වන විට ඉරානයේ සිට ඇෆ්ගනිස්තාන සංක්රමණිකයන් 2,800ක් නැවත සිය රටට පැමිණ ඇති අතර, ඉන් පිරිසක් ස්වේච්ඡාවෙන් පැමිණ ඇති අතර, තවත් පිරිසක් බලහත්කාරයෙන් පිටුවහල් කර ඇතැයි ටොලෝ පුවත් සේවය වාර්තා කළේය. සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය මඟින් නිකුත් කළ වාර්තාවකට අනුව ඇෆ්ගනිස්තාන ජාතිකයන් මිලියන 77ක් ඉරානයේ සහ පාකිස්තානයේ රැඳී සිටි අතර, ඉන් මිලියන 1.6ක් 2021 වසරේ සිට නැවත ඇෆ්ගනිස්තානයට පිටුවහල් කර තිබේ.
DMN