සර්ගෙයි ෂොයිගු, රුසියාවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
68 හැවිරිදි සර්ගෙයි ෂොයිගු ආරක්ෂක අමාත්‍ය ධුරයේ රැඳී සිටින්නේ 2012 වසරේ සිටය. ඔහු, රුසියානු ජනාධිපතිවරයාගේ විශ්වාසවන්ත හිතවතෙකු ද වේ.
රුසියානු පාර්ලිමේන්තුව ප්‍රකාශයට පත් කළ නිවේදනයක සඳහන් වන්නේ, ෂොයිගු වෙනුවට නියෝජ්‍ය අගමැති අන්‌ෙද්‍රයි බෙලාඋසොෆ් නව ආරක්ෂන අමාත්‍යවරයා ලෙස පත් කරනු ඇති බවයි. යුක්‍රේනය සමඟ යුද්ධයේදී ෂොයිගු, ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබේ.
රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද පරිදි එරට කමිටු සැසිවාරය අද පැවැත්වෙනු ඇත.
එමෙන්ම, හෙට පැවැත්වෙන ෆෙඩරේෂන් කවුන්සිල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ආරක්ෂක අමාත්‍යවරයා පත් කිරීමේ නාමයෝජනා සම්බන්ධයෙන් සෙනෙට් සභිකයින් තීරණයක් ගැනීමට නියමිතය.
DMN