සදුදා, 13 මැයි 2024 11:01

ඌරු වකුගඩුවක් බද්ධ කළ පුද්ගලයා මිය ගිහිං Featured

ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථකව බද්ධ කිරීමට ලක්වූ 62 හැවිරිදි පුද්ගලයා එම සැත්කමෙන් මාස කිහිපයකට පසු මිය ගිය බව වාර්තා වේ.

ලොව ප්‍රථම වරට සිදු කළ ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරු වකුගඩු බද්ධ කිරීමේ සැත්කම වෛද්‍ය විද්‍යාවේ සංධිස්ථානයක් ලෙසට හඳුන්වනු ලැබීය.

රික් ස්ලේමන් නම් පුද්ගලයා පසුගිය 2023 වසරේදී වකුගඩු රෝගය හඳුනා ගැනීමෙන් පසු මාර්තු මාසයේදී මැසචුසෙට්ස් රෝහලේදී හිදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට ලක්ව තිබුණි.

කෙසේවෙතත් ඔහුගේ මරණය වකුගඩු බද්ධ කිරීමේ ප්‍රතිඵලයක් මත සිදුවූවක් බවට කිසිදු සාක්ෂියක් නොමැති බව රෝහල අවධාරණය කර තිබේ.

වෛද්‍යවරුන්ගේ නිර්දේශය පරිදි පැය හතරක ශල්‍යකර්මයකට භාජනය ලක්වීමෙන් පසු මැසචුසෙට්ස් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කළමනාකරුවෙකු වන ස්ලේමන් අප්‍රේල් මාසයේදී රෝහලෙන් පිටව ගොස් තිබුණි.

ශල්‍යකර්මයෙන් පසු වෛද්‍යවරුන් පැවසුවේ නව වකුගඩුව වසර ගණනාවක් පැවතිය හැකි බව විශ්වාස කළ ද සතුන්ගේ අවයව මිනිසාට බද්ධ කිරීමේදී නොදන්නා බොහෝ දේ ඇති බව පිළි ගන්නා බවයි.

රික් ස්ලේමන් මෙම සැත්කමට දැක්වූ දායකත්වය ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත වකුගඩු රෝගීන්ගේ බලාපොරොත්තුවලට නව ආලෝකයක් වන අතර මෙම ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාමට ද සූදානම් බව රෝහල් බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මෙම පුද්ගලයා වසර 11 ක් පුරා වකුගඩු සායනයේ රෝගියෙකු වූ අතර වසර ගණනාවක් දියවැඩියා සහ අධි රුධිර පීඩනය සමඟ පීඩා විඳි ඔහුට 2018 දී මිනිස් පරිත්‍යාගශීලියෙකුගෙන් වකුගඩුවක් ලැබී තිබුණි.

වසර පහකට පසු එය ද අකර්මණ්‍ය වීමේ ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් මෙලෙස ඌරෙකුගේ වකුගඩුවක් අත්හදා බැලීමක් ලෙස බද්ධ කර ඇත.

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website