අඟහරුවාදා, 14 මැයි 2024 11:19

මාධ්‍ය නිදහස ඇති රටවලින් නෝර්වේ පළමු තැනට ලෝක ජනමාධ්‍ය නිදහස් දින වාර්තාවකින් කියයි Featured

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් නිකුත් කර ඇති රටවල් 180ක් ඇතුළත් ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ දර්ශකයේ නෝර්වේ පළමු ස්ථානයට පත්වී ඇතැයි ද,

එරිට්‍රියාව අවසන් ස්ථානයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි තැන පසුවන බව වාර්තා වේ.

එම දර්ශකයේ පළමු ස්ථාන 18 යුරෝපා රටවලට හිමිවී ඇති අතර, දකුණු ආසියාතික රටවල් අතරින් පළමු 100 අතරට එක්වී ඇත්තේ නේපාලය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇෆ්ගනිස්තානය, සිරියාව සහ ඉරානය වැනි මාධ්‍ය සිරකරුවන් සිටින අවසන් රටවල් 10 අතර චිනය 172 ස්ථානයේ සිටින බව වාර්තා වේ. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරැකීමේ අමෙරිකානු සංවිධාන 2023 වාර්තාවකට අනුව චීනයේ මේ වන විට මාධ්‍යවේදීන් 100කට අධික සංඛ්‍යාවක් සිරගත කර ඇතැයි හොංකොං පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. එම දර්ශකයේ මාලදිවයිනට 106 වැනි ස්ථානය හිමිවී ඇති අතර, ශ්‍රී ලංකාව 150 වැනි ස්ථානයේද, පාකිස්තානය 152 වැනි ස්ථානයේ ද, ඉන්දියාව 159 වැනි ස්ථානයේ ද පසුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website