බදාදා, 15 මැයි 2024 10:01

පාකිස්තාන කාශ්මීරයේ විරෝධතාවකදී පොලිසිය හා ගැටී 4ක් මරුට Featured

සියයකට වැඩි පිරිසකට තුවාල

පාකිස්තානයේ පාලනය යටතේ පවතින කාශ්මීර් පළාතේ පිටි මිල සහ විදුලි බිල්පත් ඉහළ දැමීමට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුමෙන් පුද්ගලයන් 4 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ. පිටි සහ විදුලි බිල්පත් ඉහළ දැමීමට විරෝධය පාමින් පසුගිය සිකුරාදා සිට ජනතාව වීදි බැස උද්ඝෝෂණයක නිරතව සිටින අතර, ගැටුම් සිදුවී ඇත්තේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටියදී බව ද වාර්තා වේ. තත්ත්වය පාලනය කිරීමට අතිරේක හමුදා කණ්ඩායම් යොදවා ඇතැයි ද, පළාතේ පාසල්, ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇතැයි ද වාර්තා වන අතර, ප්‍රවාහන පද්ධතිය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ද පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website