ඉරිදා, 19 මැයි 2024 11:11

ජාත්‍ය­න්තර අප­රාධ අධි­ක­ර­ණ­යේදී ඊශ්‍රා­ය­ලය දකුණු අප්‍රි­කාවේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කරයි Featured

ඊශ්‍රා­ය­ලය දකුණු ගාසා තීරයේ රෆා නුවර සිදු කරන හමුදා මෙහෙ­යුම් නතර කිරී­මට බල­පෑම් කරන ලෙස දකුණු අප්‍රි­කාව ජාත්‍ය­න්තර අප­රාධ අධි­ක­ර­ණ­යට පද­නම් විර­හිත සහ සාවද්‍ය තොර­තුරු ඉදි­රි­පත් කළ බවට ඊශ්‍රා­ය­ලය චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රෆා නුවර සිදු කරන ප්‍රහාර නව­ත්වන ලෙස ඊශ්‍රා­ය­ල­යට නියෝග කර­න්නැයි දකුණු අප්‍රි­කාව කළ ඉල්ලීම ජාත්‍ය­න්තර අප­රාධ අධි­ක­ර­ණය පෙරේදා විභා­ග­යට ගත් අතර, එය පද­නම් විර­හිත බවට ඊයේ ඊශ්‍රා­ය­ලයේ නීති­ඥ­වරු ඊට ප්‍රති­චාර දක්ව­මින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. මීට පෙර පසු­ගිය ජන­වා­රි­යේදී ද එවැ­නිම පැමි­ණි­ල්ලක් දකුණු අප්‍රි­කාව වෙතින් ජාත්‍ය­න්තර අප­රාධ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වී තිබූ අතර, පද­නම් විර­හිත බව කිය­මින් ඊශ්‍රා­ය­ලය එම චෝද­නාව ද ප්‍රති­ක්ෂේප කර තිබිණි. සහ­නා­ධාර බෙදා හැරීමේ නියෝ­ජි­ත­යන්ට, මාධ්‍ය­වේ­දින්ට සහ විම­ර්ශන නිල­ධා­රීන්ට ගාසා තීර­යට ඇතුළු වීමට අව­සර දෙන්නැයි ඊශ්‍රා­ය­ල­යට බල­පෑම් කරන ලෙසත් දකුණු අප්‍රි­කාව ජාත්‍ය­න්තර අප­රාධ අධි­ක­ර­ණ­යෙන් ඉල්ලී­මක් කර ඇතැයි වාර්තා වේ.

හමාස් සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් ඉලක්ක කර­මින් ඊශ්‍රා­යල හමු­දාව මීට දින 11කට පෙර රෆා ප්‍රහාර ආරම්භ කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ සහ තවත් රට­වල් රැසක අන­තුරු ඇඟ­වීම් මධ්‍ය­යේය. එම මෙහෙ­යුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා රෆා නග­ර­යෙන් පල­ස්තී­නු­වන් ලක්ෂ 6කට වැඩි ප්‍රමා­ණ­යක් පලා ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website