බදාදා, 22 මැයි 2024 09:31

මාලදිවයින තුර්කියෙන් ඔත්තු බැලීමේ ඩ්‍රෝන මිල දී ගනී Featured

චීනය සහ මාලදිවයින සමඟ එක්ව තුර්කිය දකුණු ආසියාවේ පොදු උපායමාර්ගික ක්‍රියා පිළිවෙතක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්,

එය එම කලාපයේ ඉන්දීය බලපෑම් අවම කිරීමේ අරමුණ ඇතිව සිදු කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලාදේශයට සහ මාලදිවයිනට ඩ්‍රෝන යානා වැනි ආරක්ෂිත උපකරණ අලෙවි කිරීම තුර්කියට ආර්ථික වශයෙන් ලාබ ලැබීමේ ක්‍රමවේදයක් වුවද, එමගින් දකුණු ආසියානු කලාපයට සිදුවන බලපෑම වර්ධනය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය වසරේ අගභාගයේදී මාලදිවයිනේ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු මොහොමඩ් මුයිසිගේ පළමු විදෙස් සංචාරය ලෙස තුර්කිය බලා ගොස් ඇති අතර, ඊට පෙර සිටම මාලදිවයින සහ තුර්කිය අතර නිල සම්බන්ධතාවක් පැවැතියද එම සංචාරය ආරක්ෂිත උපකරණ සඳහා මාලදිවයින ඉන්දියාවෙන් ඔබ්බට ගිය පළමු අවස්ථාව බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. තුර්කිය වෙතින් මිල දී ගන්නා ඩ්‍රෝන මගින් ඉන්දීය සාගරයේ ඔත්තු බැලීමට මාලදිවයින පියවර ගැනීම ඉන්දියාව සමඟ ඇති රාජ්‍යතාන්ත්‍රික බැඳීම තවදුරටත් පළුදු වීමේ අවදානමක් මතු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ෘඵභ

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website