බ්‍රහස්පතින්දා, 23 මැයි 2024 12:06

අය­ර්ල­න්තය-නෝර්වේ-ස්පාඤ්ඤය පල­ස්තී­නය රාජ්‍ය­යක් ලෙස පිළිගනී Featured

පල­ස්තී­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළි­ගන්නා බව අය­ර්ල­න්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සම්බ­න්ධව නිල නිවේ­ද­නය ලබන 28 වැනිදා නිකුත් කිරී­මට නිය­මිත බව ද වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

පල­ස්තී­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළි­ගනු ලබන්නේ ඊශ්‍රා­ය­ල­යට එරෙ­හිව හෝ හමාස් සංවි­ධා­න­යට සහාය පළ කිරී­මට හෝ නොව ගාසා තීරයේ සාමය උදෙසා බව ස්පාඤ්ඤය ප්‍රකාශ කර ඇති අතර, රට­වල් තුනේ තීර­ණය පිළි­බඳ පල­ස්තීන විදේශ අමා­ත්‍යාං­ශය, පල­ස්තීන විමුක්ති හමු­දාව සහ හමාස් සංවි­ධා­නය සතුට පළ කර ඇතැයි ද වාර්තා වේ. අමෙ­රි­කාව සහ බ්‍රිතා­න්‍යය හැර එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ සාමා­ජික රට­වල් 140ක් මේ වන විට පල­ස්තී­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළි­ගෙන තිබේ.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website