බ්‍රහස්පතින්දා, 23 මැයි 2024 12:13

කුරුලු පිහා­ටු­වක් ඩොලර් 28,000කට වෙන්දේසි වෙයි Featured

\සිය­ව­ස­කට පෙර නව­සී­ල­න්තයේ වඳ වී ගිය දුර්ලභ හුයියා කුරුලු වර්ග­යට අයත් පිහා­ටු­වක් පසු­ගි­යදා එරට පැවති වෙන්දේ­සි­ය­කදී අමෙ­රි­කානු ඩොලර් 28,400කට (රුපි­යල් ලක්ෂ අසූ­ප­හ­කට) අලෙවි වී ඇතැයි සීඑ­න්එන් පුවත් සේවය වාර්තා කළේය.

වසර 1924 දී අව­සන් වරට නව­සී­ල­න්තයේ උතුරු දූප­ත­කදී දර්ශ­නය වූ බවට විශ්වාස කරන හුයියා කුරුලු වර්ගය ලොව ඉතා අලං­කාර කුරුලු විශේ­ෂ­යක් බව සඳ­හන් වේ.

ඩොලර් තුන්ද­හ­ස­කට අලෙ­වි­වනු ඇතැයි වෙන්දේ­සි­ක­රු­වන් අපේක්ෂා කළ එම කුරුලු පිහා­ටුව ඉහළ මිල­කට අලෙවි වීමෙන් ලොව වඩාත් වටි­නාම කුරුලු පිහා­ටුව බවට පත්වී ඇතැයි ද සීඑ­න්එන් පුවත් සේවය වාර්තා කළේය.

 

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website