සෙනසුරාදා, 25 මැයි 2024 09:30

රෆා නුවර ප්‍රහාර නවත්වන්න Featured

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝග

ගාසා තීරයේ යුද මෙහෙයුම් වහාම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායලයට නියෝග කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම නියෝගය නිකුත් කර ඇත්තේ දකුණු අප්‍රිකාව විසින් හදිසි අවශ්‍යතාව මත ඊශ්‍රායලයට එම නියෝගය නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊශ්‍රායල හමුදාව රෆා නුවර සිදු කරන ප්‍රහාරය ජනසංහාරයක් දක්වා ඇදී යන බවටත්, පලස්තීන ජනතාවගේ ජීවිතවලට එය තර්ජනයක් වී ඇති බවටත් දකුණු අප්‍රිකාව අඛණ්ඩව ඊශ්‍රායලයට චෝදනා එල්ල කළ අතර, පසුගිය ජනවාරියේ සිට වරින් වර ගාසා තීරයේ ප්‍රහාර සම්බන්ධව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට කරුණු දක්වා තිබිණි.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website