සෙනසුරාදා, 25 මැයි 2024 09:32

ඉරාන ජනපතිගේ හෙලිකොප්ටර් අනතුරේ පළමු විමර්ශන වාර්තාව නිකුත් වෙයි Featured

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසිගේ ගුවන් අනතුරට හේතුව සොයා පරීක්ෂණ කටයුතු ආරම්භ කළ කමිටුව එහි පළමු වාර්තාව නිකුත් කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.

එම කමිටුව අනතුර සිදුවූ දිනයට පසුදිනම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, ජ්‍යෙෂ්ඨ විමර්ශන කමිටුවක්, ගුවන් අනතුරු පිළිබඳ විශේෂඥවරුන්, තාක්ෂණික නිලධාරින් එදින අනතුර සිදුවූ ස්ථානයට ගොස් විමර්ශන පවත්වා තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

කිසිදු වෙඩි උණ්ඩයක් හෝ එවැනි පුපුරණ ද්‍රව්‍ය කොටස් හෝ පොඩි පට්ටම්වීමෙන් සහ ගිනිබත්වීමෙන් පසු ඉතිරි වූ සුන්බුන් විමර්ශනය කිරීමේදී සොයා නොගත් බව ද වාර්තා වේ. අනතුරට ලක්වන විට වර්සකාන් ප්‍රදේශයේ පිහිටි සන්ගන් තඹ ආකාරයට ඉහළින් පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරය කන්දක ගැටීමෙන් පසු ගිනිගත් බවට නිගමනය කර ඇති එම වාර්තාව ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු නිමාවට පත්වු සැණින් ඉරානය ප්‍රසිද්ධියට පත් කර තිබේ.

අධික මීදුම, අඩු උෂ්ණත්වය වැනි එදින එම කලාපයේ පැතිරී තිබූ කාලගුණ සංකූලතාව හේතුවෙන් අනතුර සිදුවූ දිනට පසුදින අලුයම 5 දක්වා හෙලිකොප්ටරයේ සුන්බුන් සොයාගැනීමට නොහැකි වීමත්, සැක කටයුතු කරුණු කිසිවක් නිරීක්ෂණය නොවීමත් එම නිගමනයට හේතු වී ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවද අනතුර සම්බන්ධව වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු වන බවත්, සම්පූර්ණ වාර්තාව නිකුත්වීමෙන් පසු නිශ්චිත වශයෙන්ම හේතුව අනාවරණය වනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

dmn

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website