සදුදා, 27 මැයි 2024 10:07

ගුජරාට් ප්‍රාන්තයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක් විදුලි කාන්දුවකින් ගිනිබත් වෙයි Featured

දරුවන් 9ක් ඇතුළු 33ක් මරුට / හිමිකරු යුව්රාජ් සිං අත්අඩංගුවට

ගුජරාට් ප්‍රාන්තයේ රාජකොට් නුවර පිහිටි විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් දරුවන් 9 දෙනකු ඇතුළුව 33 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. කුඩා දරුවන් සඳහා විවිධ විනෝද ක්‍රීඩා ඉසව් රැසකින් සමන්විත මහල් දෙකකින් යුක්තව ඉදිකර තිබූ එම මධ්‍යස්ථානය ටීආර්පී විනෝද ක්‍රීඩා කලාපය ලෙස ප්‍රචලිත වූ ස්ථානයක් බව ද වාර්තා වේ. ගින්න හටගැනීමට හේතුව විදුලි කාන්දුවක් බවට වාර්තා වන අතර, කිසිදු ප්‍රමිතියකින් තොරව වසර 4කට පෙර ටකරන් සෙවිලි කළ වහලක් සහිත තාවකාලික ගොඩනැඟිල්ලක් ලෙස ඉදිකරනු ලැබූ එම මධ්‍යස්ථානයේ ගිනි නිවන උපකරණ හෝ එම ප්‍රාන්තයේ ගිනිනිවන දෙපාර්තමේන්තුවේ විරෝධයක් නොමැති බවට වන සහතිකය හෝ ලබා නොතිබූ බව ද හෙළි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

දරුවන් ඇතුළු මිය ගිය පුද්ගලයන් රැසකගේ සිරුරු හඳුනාගත නොහැකි අයුරින් පිලිස්සී තිබූ බවත්, ඩීඑන්ඒ සාම්පල මගින් මියගිය පුද්ගලයන්ගේ අන්‍යනතාව සොයා ගැනීමට එම පවුල්වල සාමාජිකයන් හඳුනා ගැනීමට පියවර ගෙන ඇතැයි ගුජරාට් ප්‍රාන්ත රජය නිවේදනය කර තිබේ.

සිදුවීම සම්බන්ධව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා යුව්රාජ් සිං සහ නිතින් ජේන් නමැති ක්‍රීඩා මධ්‍යස්ථානයේ හිමිකරු සහ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පුද්ගලයන් 6දෙනකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව රාජ්කොට් නි‍යෝජ්‍ය පොලිස් කොමසාරිස් වරයා සඳහන් කර තිබේ.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website