සිකුරාදා, 31 මැයි 2024 10:35

සුඩානයේ දරුවන් මිලියන 13කට මානුෂීය ආධාර අවශ්‍යයි – එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල Featured

සුඩානයේ පවතින සන්නද්ධ ගැටුම් හේතුවෙන් එරට ජනතාව සාගතයේ සහ මරණයේ අවදානමට ලක්ව සිටිති. මේ වන විට සුඩානයේ දරුවන් මිලියන 13.6 කට මානුෂීය ආධාරවල හදිසි අවශ්‍යතාවක් පවතින බව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 29 වැනිදා නිකුත් කළ වාර්තාවක දැක්වේ.

ගැටුම් ආරම්භ වී වසරකට පසු, බොහෝ පාසල් වසා ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි. ආරක්ෂක අවදානම, ගුරු හිඟ වැටුප්, පාසල් නවාතැන්පොළවල් බවට පත්වීම, ඉගැන්වීම් උපකරණ නොමැතිකම සහ වෙනත් සාධක රැසක් හේතුවෙන් බොහෝ පාසල්වල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීම දුෂ්කර වී ඇත.

සන්නද්ධ ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා සුඩාන දරුවන් මිලියන 4.6 කට තම නිවහන අහිමි වී ඇති බවත්, ඔවුන් බලහත්කාරයෙන් අවතැන් කර ඇති බවත් එම වාර්තා‍ව කියයි.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website