සිකුරාදා, 31 මැයි 2024 10:29

ඩොනල්ඩ් ට්‍රම්ප් තැබූ වාර්තාව Featured

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩු විභාගයේදී චෝදනා 34 කට ඔහු වරදකරු වී තිබේ.

ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම ඔහුට එරෙහි චෝදනාවයි. මෙම ඓතිහාසික නඩු විභාගය නිව් යෝර්ක් හි දී ඊයේ පැවැත් වුණි.

ඒ අනුව ජූලි 11 වැනිදා ඔහුට දඬුවම් නියම කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 237 ක අමෙරිකානු ජනාධිපති ධූර ඉතිහාසයේ හිටපු හෝ ජනාධිපති ධුරයේ සිටින පුද්ගලයෙකු අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු අවස්ථාව මෙයවේ.

හිටපු ජනාධිපතිවරයාට සිරදඬුවම් නියම කිරීම සිදුවනු ඇති නමුත් නීති විශාරදයින් පවසන්නේ සිරදඬුවමක් වෙනුවට දඩයක් නියම කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

අමෙරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය. එහිදී වත්මන් ජනාධිපති ජෝ බයිඩන් පරාජය කර ඩොනල්ඩ් ට්‍රම්ප්, නැවත ධවල මන්දිරයට පැමිණීමේ ප්‍රචාරක ව්‍යාපාරය මේ වන විට පැවැත්වෙන අතරතුර මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබීම ද විශේෂත්වයකි.

මෙම නඩුවේ කේන්ද්‍රය වූ ට්‍රම්ප් සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වූ බව කියන වැඩිහිටි චිත්‍රපට රංගන ශිල්පිණියක්වන ස්ටෝමි ඩැනියෙල්ස් ඇතුළු සාක්ෂිකරුවන් 22 දෙනෙකුගෙන් උසාවිය සති හයක් පුරා විභාග කළේය.

2016 පැවති මැතිවරනය ආසන්නයේ වැඩිහිටි සිනමා තරුවකට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු නීතිඥවරයා විසින් කරන ලද ගෙවීමක් වසන් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබේ.

මෙම ඒකමතික තීන්දුවට එළඹීමට පෙර ජූරි සභිකයන් 12 දෙනා දින දෙකක් තිස්සේ සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

හිටපු ජනාධිපතිවරයා මෙම තීන්දුව ප්‍රතික්ෂේප කරන අතර ඔහු පවසන්නේ විනිසුරුවරයා දූෂිත බවයි. සැබෑ තීන්දුව ලබන නොවැම්බර් 5 වැනිදා ප්‍රකාශයට පත් කරනු ඇති බව නඩු තීන්දුවෙන් පසුව ට්‍රම්ප් පවසා ඇත.

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website