බ්‍රහස්පතින්දා, 30 මැයි 2024 14:10

නව­දිල්ලි නුවර උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 52 ඉක්ම­වයි Featured

උතුරු සහ මධ්‍යම ඉන්දි­යාවේ ඇතැම් පළා­ත්වල උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 50 ඉක්මවා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මීට අම­ත­රව මේ සතියේ එරට නගර 37කට වැඩි ප්‍රමා­ණ­යක උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 45 සීමා­වට ළඟා වී ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඊයේ නව­දිල්ලි අග­නු­වර උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 52.3ක අග­යක් ගත් බවත්, නග­රයේ බොහෝ ප්‍රදේ­ශ­ව­ලට දැඩි අව­දා­නම්සහ­ගත උෂ්ණ­ත්ව­යක් පව­තින බවට එරට කාල­ගුණ විද්‍යා ඒක­කය නිවේ­ද­නය කර ඇති බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් වායු­ස­මී­ක­රණ නොමැ­තිව නඩු විභාග සිදු කළ නොහැකි බව කිය­මින් නව­දිල්ලි නුවර අධි­ක­ර­ණ­යක විනි­සු­රු­ව­ර­යකු නඩු වාරය නවතා දැමූ බව ද වාර්තා වේ.

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website