බ්‍රහස්පතින්දා, 30 මැයි 2024 14:08

ටයි­ටැ­නික් නට­බුන් චාරි­කා­වට තවත් කෝටි­ප­ති­යෙක් සැර­සෙයි Featured

ටයි­ටන් නමැති කුඩා වර්ගයේ සබ්මැ­රී­න­ය­කින් ටයි­ටැ­නික් නෞකාවේ නට­බුන් නැර­ඹී­මට ගොස් බ්‍රිතාන්‍ය කෝටි­ප­ති­යකු ඇතුළු පුද්ග­ල­යන් පස්දෙ­න­කුට ජීවිත අහි­මි­වීමේ ඛේද­වා­ච­ක­යෙන් වස­ර­කට පසු අමෙ­රි­කාවේ කෝටි­ප­ති­යකු ද ටයි­ටැ­නික් නට­බුන් ගවේ­ෂ­ණය කිරීමේ චාරි­කා­වක නිර­ත­වී­මට සූදා­න­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙ­රි­කාවේ දේපළ වෙළෙඳ සමා­ග­මක හිමි­ක­රු­වකු වන 74 හැවි­රිදි ලැරී කෝනර් සහ ඔහුගේ සහා­යක පැට්‍රික් ලාහේ එම චාරි­කා­වට එක්වී­මට කට­යුතු කර­මින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඔහියෝ ප්‍රාන්ත වැසි­යකු වන මේ කෝටි­ප­තියා පසු­ගිය වසරේ නට­බුන් නැර­ඹී­මට ගොස් ජීවි­තය අහිමි කර­ගත් ඕෂ­න්ගේට් සමා­ගමේ හිමි­කරු වන ස්ටොක්ටන් රෂ් මෙන්ම

bgghghrrer

ත්‍රාස­ජ­නක ක්‍රියා­කා­ර­ක­ම්ව­ලට ඇබ්බැහි වූවකු බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. උතුරු අත්ලා­න්තික් සයුරේ අඩි 12,000කට වඩා මුහුදු පතුලේ තැන්පත් වී ඇති ටයි­ටැ­නික් නෞකාවේ නට­බුන් මෙන්ම පසු­ගිය වස­රේදී මුහුද යටදී පිපිරී ගිය ටයි­ටන් සබ්මැ­රී­නයේ සුන්බුන්ද ගවේ­ෂ­ණය කිරීම ලැරී කෝනර්ගේ අර­මුණ වී ඇත. ඔවුන්ගේ ගවේ­ෂණ චාරි­කාව සිදු කිරී­මට නිය­මි­තව ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 20ක් වැය කරමින් තැනූ ට්‍රයි­ටොන් නමැති කුඩා වර්ගයේ සබ්මැ­රී­න­ය­කින් බවත්, අමෙ­රි­කාවේ සාගර ගවේ­ෂණ සහ­ති­කය ලැබී­මෙන් පසු චාරි­කාව ආරම්භ කරනු ඇති බවත් සඳ­හන් වේ.

පෞද්ග­ලික ගග­න­ගා­මි­යකු ලෙස නාසා ආය­ත­නයේ සහ­ති­ක­ලත් මේ කෝටි­ප­තියා මීට පෙර අභ්‍ය­ව­කාශ නැව­තුම් මධ්‍ය­ස්ථා­න­යට ද ගොස් ඇති අතර, පැසි­ෆික් සයුරේ අඩි 20,000ක් ගැඹු­රට කිමි­දී­මට සමත්වූ පුද්ග­ල­යෙකි. හෙතෙම අන­තු­රු­දා­යක ෆෝමි­යුලා මෝටර් රථ තර­ග­ව­ලට ද ඉදි­රි­පත් වී ඇතැයි වාර්තා වේ.

nmnmfhdf

DN

 

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website