අඟහරුවාදා, 04 ජූනි 2024 10:00

මෙක්සිකෝවේ පළමුවරට කාන්තාවක් ජනපති ධුරයට Featured

ඉතිහාසයේ පළමුවරට මෙක්සිකෝවේ කාන්තාවක් ජනාධිපති ධුරයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

61 හැවිරිදි විද්‍යාඥවරියක වූ ක්ලෝඩියා ෂීන්බෝම් එරට පළමු කාන්තා ජනාධිපති ලෙස පත් වී ඇතැයි ද, ඇය 60% ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මෙක්සිකෝ සිටි නුවර හිටපු නගරාධිපතිනිය වන ඇය සිය අනුශාසක වත්මන් ජනාධිපති ඇන්ඩ්‍රිස් මැනුවෙල්ගේ ධුරකාලය නිමාවට පත්වන ලබන ඔක්තෝබර් 1 වැනිදා ඇය මෙක්සිකෝවේ නව ජනපති ලෙස දිවුරුම් දෙනු ඇතැයි ද වාර්තා වේ.

වසර 200ක මෙක්සිකෝ රාජ්‍යයේ පළමු වතාවට කාන්තා ජනාධිපති ලෙස තේරී පත්වූ බවත්, එය මෙක්සිකෝවේ සියලු කාන්තාවන් ලැබූ ජයග්‍රහණයක් බවත් නිල ප්‍රතිඵල නිකුත් වීමටත් පෙර ජයග්‍රාහී දේශනාව සිදු කරමින් ඇය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ක්ලෝඩියාගේ මාපියන් දෙදෙනාම විද්‍යාඥවරුන් වන අතර, ඇය බලශක්ති ඉංජිනේරු ආචාර්ය උපාධිධාරිනියක බව ද වාර්තාවේ.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website