අඟහරුවාදා, 04 ජූනි 2024 10:03

ඔස්ට්‍රේලියාවේ සික් අර්බුදය ප්‍රවර්ධනය කළ මුහුණු පොතේ ව්‍යාජ ගිණුම් 55ක් ඉවතට Featured

සික් ජාතිකයන් සඳහා ඉන්දියාවේ වෙනම රාජ්‍යයක් බිහි කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ විවිධ ක්‍රියාකාරකම්වල නිරතව සිටින කලිස්තාන් කණ්ඩායමට සහාය වන ප්‍රචාරක වැඩකටයුතු සිදු කළ ‘මුහුණු පොතේ‘ ගිණුම් ඉවත් කිරීමට එහි හිමිකාර මාක් සකර්බර්ගේ මෙටා සමාගම පියවර ‍ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීනයේ සිට මුහුණු පොත තුළින් ක්‍රියාත්මක කළ බව කියන එවැනි කලිස්තාන ප්‍රචාරක ගිණුම් 37ක්, පිටු 13ක්, සමූහයන් 5ක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් ඉවත් කර ඇති අතර, එම ගිණුම් මෙටා සමාගමේ ප්‍රතිපත්ති උල්ලංඝනය කළ බව තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සැකකටයුතු ගිණුම් පිළිබඳ මෙටා සමාගමේ විමර්ශකයන් විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයකට අනුව එම පියවර ගෙන ඇතැයි ද, සික් ජාතිකයන් ලෙස පෙනී සිටිමින් මුහුණු පොතේ එම ගිණුම් ක්‍රියාත්මක කළ බව අනාවරණය වී ඇතැයි ද මෙටා සමාගම ප්‍රකාශ කර තිබේ.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website