සිකුරාදා, 14 ජූනි 2024 11:48

බුවනෝස් අයර්ස් අගනුවර ගිනි ගනී Featured

ආජෙන්ටිනා ජනාධිපති ජේවියර් මිලේගේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය ඇතුළු විවිධ ක්‍රියාමාර්ග රැසක් ඇතුළත් මතභේදාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ පනතට එරට පාර්ලිමේන්තුවේදී 37ට 36ක් ලෙස එක් ඡන්දයකින් සම්මත වීමත් සමඟ බුවනෝස් අයර්ස් අගනුවර මහජන විරෝධතා දරුණු අතට හැරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මාස ගණනාවක් පුරා එම පනතට එරෙහිව අජෙන්ටිනාවේ දැඩි මහජන විරෝධතාවක් හටගත් අතර, එය අජෙන්ටිනා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීය. පෙරේදා එම පනත පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේදී එක් ඡන්දයකින් සම්මත වීමෙන් පසු ඉන් පිටත රැස්ව සිටි අතිවිශාල විරෝධතාකරුවන් පිරිසක් සහ පොලිසිය අතර ගැටුම් පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිසංස්කරණ පනත මගින් මිලියන ගණනාවක ජනතාවට දුෂ්කරතා විඳීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තුව අසලට රැස් වූ ජනතාව ඊට විරෝධය පළ කරමින් පෙට්‍රල් බෝම්බ සහ ගල්මුගුරුවලින් පාර්ලිමේන්තුවට දමා ගැසූ බවත්, මෝටර් රථ ගිනි තබමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ආජෙන්ටිනා කැරලි මර්දන පොලිසිය කඳුළු ගෑස්, රබර් උණ්ඩ සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරෝධතාව විසුරුවා හැරීමට දැඩි උත්සාහයක නිරත වූ බව වැඩිදුරටත් වාර්තා වේ. අජෙන්ටිනාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට එරට උද්ධමනය 300% කින් ඉහළ ගොස් ඇති අතර, රටේ ජනගහනයෙන් හරි අඩක්ම දරිද්‍රතාවයෙන් පෙළෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website