සදුදා, 17 ජූනි 2024 09:28

ගාසා තීරයේ දරුවන් පනස්දහසකට මන්දපෝෂණය Featured

-යුනි­සෙෆ් සංවි­ධා­නය කියයි

ගාසා තීරයේ දරුවන් පනස්දහසකට වැඩි ප්‍රමාණයක් මන්දපෝෂණයට ගොදුරු වී ඇති බවත් වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවත් පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා එම ඒජන්සිය සඳහන් කර ඇත්තේ ගාසා තීරයේ මානුෂීය ප්‍රවේශය සඳහා අඛණ්ඩව සීමා පැනවීමත් සමඟ දරුවන් පමණක් නොව වැඩිහිටියන් ද දරුණු සාගින්නකින් පීඩා විඳින බවය. එක්සත් ජාතීන්ගේ එජන්සිය දිවි පරදුවට තබා ආධාර සැපයීමට වෙහෙසක් ගන්නා බවත්, එහෙත් මානුෂීය ආධාර බෙදා දීම අතිශය දුෂ්කර වී ඇති බවත් යුනිසෙෆ් ප්‍රකාශක ජේම්ස් එල්ඩර් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කිරීමෙන් පසු දශක ගණනාවක දීර්ඝ ඉතිහාසයේ ඕනෑම යුද්ධයකදී මිය ගිය වැඩිම සහනාධාර සේවකයන් ප්‍රමාණයක් ගාසා යුද්ධයෙන් වාර්තා වන බව ද සඳහන් වේ.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website