සිකුරාදා, 28 ජූනි 2024 14:33

දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වහලයේ කොටසක් කඩා වැටී විශාල අනතුරක් Featured

ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද (28) උදෑසන ඇති වූ අධික වර්ෂාව සමඟ ඇති වූ සුළං සහිත තත්ත්වය හේතුවෙන් මෙම කඩා වැටීම සිදු වී තිබෙන බව වාර්තා වෙයි.

මෙම අනතුරින් මේ වන විට එක් පුද්ගලයෙකු මරණයට පත් වී ඇති අතර පුද්ගලයන් 08 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පෞද්ගලික මෝටර් රථයකට හා ටැක්සි රථයකට අනතුරින් හානි සිදු වී තිබෙයි.

සහන සේවා පුද්ගලයන් ගලවා ගැනීමේ මෙහෙයුම් වල නිරත වන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website