×

පණිවුඩය

The previous listing was the last listing in the category. There are no listings after the previous listing. Click the back button in your browser to return to it, or browse another listing below.

සිකුරාදා, 28 ජූනි 2024 14:38

මත්ද්‍රව්‍ය ජාවාරම් සපුරා තුරන් කිරීමට පෙළගැසෙන්නැයි ජගත් මහලේකම්ගෙන් ඉල්ලීමක් Featured

මත්ද්‍රව්‍ය භාවිතය සහ එම ජාවාරම් සම්පූර්ණයෙන් ම තුරන් කිරීම සඳහා අදාළ පියවර දැඩිව ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්, ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

26 වැනිදාට යෙදී තිබුණු ‘මත්ද්‍රව්‍ය භාවිතය සහ නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය’ නිමිති කර ගනිමින් හෙතෙම මේ බව පැවසීය. මත්ද්‍රව්‍ය භාවිතය නිසා වසරකට ලොව පුරා දහස් ගණනක පිරිසක් මිය යන බව ජගත් මහලේකම්වරයා එහිදී පැවසීය.

මිනිසාගේ යහපැවැත්මට බරපතල හානි සිදුකරන මත්ද්‍රව්‍ය ලොව පුරා අපරාධ හා ප්‍රචණ්ඩත්වය අවුලුවන බව ද ඔහු පෙන්වාදෙයි.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය 26 වැනිදා නිකුත් කළ වාර්තාවකට අනුව, 2022 වසරේ දී ලොව පුරා මිලියන 292 ක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති අතර, එය වසර 10 කට පෙර පැවති අගයට වඩා 20% කින් ඉහළ ගොස් තිබේ.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website