සදුදා, 01 ජූලි 2024 08:58

නයි­ජී­රි­යාවේ ස්ථාන තුන­කදී මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර Featured

18ක් මරුට - 43කට තුවාල

උතුරු නයි­ජී­රි­යාවේ බෝර්නෝ ප්‍රාන්තයේ ස්ථාන 3කට මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­මා­ලා­වක් එල්ල වීමෙන් පුද්ග­ල­යන් 18 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි ද, තවත් පුද්ග­ල­යන් 43 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විවාහ උත්ස­ව­යක්, අව­මං­ගල උත්ස­ව­යක් සහ රෝහ­ලක් ඉලක්ක කර­මින් පසු­ගිය සෙන­සු­රාදා එම ප්‍රහා­ර­මා­ලාව සිදුවී ඇති අතර, එය මරා­ගෙන මැරෙන බෝම්බ­කා­රි­නි­යන් විසින් සිදු කරනු ලැබූ ප්‍රහා­ර­යක් බව එරට පොලි­සිය සැක පහළ කර තිබේ. මිය ගිය පිරිස අතර දරු­වන් හා ගැබිනි කාන්තා­වන් ද සිටින බව නයි­ජී­රි­යානු පොලි­සිය ප්‍රකාශ කර ඇත.

බෝම්බ ප්‍රහා­රයේ වග­කීම මෙතෙක් කිසිදු පාර්ශ්ව­යක් බාර ගෙන නැති අතර, මීට පෙර එවැනි ප්‍රහාර සිදු කර ඇති නයි­ජී­රි­යාවේ ඉස්ලා­මීය රාජ්‍ය­යක් සඳහා වන බට­හිර අප්‍රි­කානු ප්‍රාන්ත ත්‍රස්ත­වාදී සංවි­ධා­නය විසින් මේ ප්‍රහා­රය එල්ල කරනු ලැබූ බවට එරට ආර­ක්ෂක අංශ අනු­මාන කර ඇතැයි ද වාර්තා වේ.

bnbjtuy85464

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website