සදුදා, 08 ජූලි 2024 10:48

අඟහරු මත පාසි වගා කළ හැකි බවට චීන විද්‍යාඥයෝ සොයා ගනිති Featured

අඟහරු ග්‍රහයා මත කාබන්ඩයොක්සයිඩ් වායුව 95% කින්ම මිශ්‍ර වායු ගෝලයක් සහ සෙල්සියස් අංශක 196කට වඩා අඩු උෂ්ණත්වයක් ඇති බැවින් එහි පාසි වර්ගයක් වගා කිරීමේ හැකියාව ඇතැයි චීන විද්‍යාඥයන් පිරිසක් නව අධ්‍යයනයකින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සූර්යයාගේ පාරජම්බුල කිරණ හා ජලය නොමැති තත්ත්වයක වුවද, අඩු වායුගෝලීය පීඩනයක් යටතේ වගා කළ හැකි එම පාසි වර්ගය අමෙරිකාවේ මොජාවේ කාන්තාරයේ දක්නට හැකි සින්ට්‍රිෂියා කැනිනර්විස් නමැති දුර්ලභ පාසි විශේෂයක් බවත් චීන විද්‍යාඥවරු මේ වන විට හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඒ අනුව කාන්තාර පාසි විශේෂය අඟහරු මත වගා කිරීමේ හැකියාව තහවුරු වන්නේ නම් එහි ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේ හැකියාව ඇතැයි ද චීන විද්‍යාඥයන් පිරිස වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ. එම පාසි විශේෂය අමෙරිකාවේ පමණක් නොව ටිබෙට් දේශයේ සහ ඇන්ටාක්ටිකාවේත් දැකිය හැකි බවට වාර්තා වේ.

DM

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website