ඉරිදා, 07 ජූලි 2024 14:55

චීනයේ විදුලි මෝටර් රථ නිෂ්පාදන පිළිබඳ යුරෝපා සංගම් සමීක්ෂණ කෙරෙහි චීනයේ දැඩි විරෝධය Featured

තම රටේ විදුලි මෝටර් රථ ව්‍යවසායන්ට රජය සපයන පහසුකම් සම්බන්ධයෙන්, යුරෝපා සංගමය පවත්වන සමීක්ෂණවලට එරෙහිව චීනයේ දැඩි විරෝධය පළ වේ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය 5 වැනිදා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළාය.

යුරෝපා සංගමය චීනයේ විදුලි මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය සඳහා සැපයෙන පහසුකම්වලට එරෙහිව සමීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් චීනය අවස්ථා ගණනක දී සිය විරෝධය ප්‍රකාශ කර ඇත. එසේම ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය ද පැහැදිලි ව ඉදිරිපත් ඇති බව ද ඇය එහිදී කියා සිටියාය.

ආර්ථික සහ වෙළඳ ගැටළු සංවාද හා සාකච්ඡා ඔස්සේ නිසි ලෙස විසඳා ගත යුතු බව චීනය සෑමවිටම විශ්වාස කරයි. එසේම, චීනය සිය නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථිර ලෙස ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද මාඕ නිං මහත්මිය අවධාරණය කළාය.

DM

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website