ඉරිදා, 07 ජූලි 2024 14:54

ඉරාන නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම් Featured

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ Masoud Pezeshkian මහතාට සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය ඊයේ (6) යොමුකර ඇත.

චීනය සහ ඉරානය අතර අඩසියවසකට අධික කලක් තිස්සේ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාවර වර්ධනයක් පවත්වා ගෙන ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වාදෙයි. සංකීර්ණ කලාපීය සහ ජාත්‍යන්තර තත්ත්ව හමුවේ දෙරට සෑමවිටම එකිනෙකාට සහයෝගය දක්වන අතර, විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගිතා ද ස්ථාවර ලෙස ප්‍රවර්ධනය කර ඇති බව ඔහු කියාසිටී.

චීන-ඉරාන සබඳතා වර්ධනය කෙරෙහි තමා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙන බවත්, එම සබඳතා තහවුරු කරමින් එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් චීන ජනාධිපතිවරයා තම සුබ පැතුම් පණිවුඩයෙන් පවසා ඇත.

DM

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website