සෙනසුරාදා, 06 ජූලි 2024 15:31

අත්ලා­න්තික් සාග­රයේ බෝට්ටු­වක් ගිලී අන­ව­සර සංක්‍ර­ම­ණි­කයෝ 89ක් මරුට Featured

තවත් 72ක් අතු­රු­දන්

නැඟෙ­න­හිර අප්‍රි­කානු රාජ්‍ය­යක් වන මොරි­ටා­නියා මුහුදු සීමා­වට ඔබ්බෙන් අත්ලා­න්තික් සාග­ර­යේදී අන­ව­සර සංක්‍ර­ම­ණි­ක­යන්ගේ බෝට්ටු­වක් අන­තු­රට ලක්වී­මෙන් පුද්ග­ල­යන් 89 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මොරි­ටා­නියා වෙර­ළා­ර­ක්ෂක බළ­කාය විසින් එම මළ­සි­රුරු සොයා ගෙන ඇති අතර, පස් හැවි­රිදි දැරි­යක ඇතුළු පුද්ග­ල­යන් 9 දෙන­කුගේ ජීවිත බේරා ගැනී­මට ද සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ගැම්බි­යාවේ සහ සෙන­ගා­ලයේ සිට එම බෝට්ටුව අත්ලා­න්තික් සයු­රට දියත් කළ බවත්, ඒ වන විට එහි පුද්ග­ල­යන් 170 දෙනකු සිටි බවත් දිවි බේරා­ගත් පුද්ග­ල­යකු ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ඒ අනුව අතු­රු­දන් වූ පුද්ග­ල­යන් 72 දෙනකු සෙවීමේ මෙහෙ­යුම් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. බට­හිර අප්‍රි­කාවේ සිට යුරෝ­පය බලා යාත්‍රා කළ බව කියන එම බෝට්ටුව අන­තු­රට ලක්වී ඇත්තේ ප්‍රමා­ණ­යට වඩා පුද්ග­ල­යන් පටවා ගැනීම හේතු­වෙන් බව ද මොරි­ටා­නියා වෙර­ළා­ර­ක්ෂක බළ­කාය ප්‍රකාශ කර ඇත. අන­තු­රු­දා­යක මේ මුහුදු මාර්ගය ඔස්සේ අව­දා­නම් බෝට්ටු මගින් යාත්‍රා කරන අප්‍රි­කානු රට­වල අන­ව­සර සංක්‍ර­ම­ණි­ක­යන්ගේ ගම­නා­න්තය වී ඇත්තේ ස්පාඤ්ඤයේ කැනරි දූපත් සමූ­හය වන අතර, පසු­ගිය වස­රේදී පම­ණක් 40,000කට අධික සංක්‍ර­ම­ණි­ක­යන් පිරි­සක් කැනරි දූප­තට ගොස් ඇතැයි වාර්තා වේ.

DM

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website